අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට නොමිලේ නීතිමය සේවා සැපයීම
සහය ලැබිය යුතු ඕනෑම ආර්ථික මට්ටමක සිටින ඕනෑම පුද්ගලයෙකුට නොමිලේ නීති උපදෙස් ලබා දීම.
සමස්ත ජනතාවට යුක්තිය වෙත පහසු ප්‍රවේශය
අඩු ආදායම්ලාභියකු බවට ග්‍රාම නිලධාරී ආදායම් වාර්තාවල නිර්දේශ මත සනාථ වන්නේ නම් එවැනි පුද්ගලයකුගේ අධිකරණමය කටයුතු වෙනුවෙන් නොමිලේ නීතිඥ සහාය ලබා දීමට කටයුතු කරනවා ඇත.
නීතිමය අවබෝධය වැඩිදියුණු කිරීම: වැඩමුළු, නීතිමය සායන
මහ ජනතාවට නීති දැනුම ලබා දීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
පර්යේෂණ සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම
නීති ආධාර සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම, පිහිටුවීම හා අධීක්ෂණය සිදු කිරීම
testing
testing
අපි කවුද
නීති ආධාර කොමිෂන් සභාව
ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාටම සාධාරණත්වය ඉටු කිරීමට හැකි වන සේ යුක්තිය කරා පහසු ප්‍රවේශයක් ලබා දීමට කටයුතු කිරීම යන දැක්ම අනුව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ස්වකීය වැඩ පිළිවෙල දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ දී මජනතාව වෙත ලබා දෙනුයේ විශාල අත්වැලකි. දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 85 ක් මගින් නීති ආධාර ලබාදීම සිදු කරනු ලැබේ.ඒ වෙනුවෙන් නීතිඥයින් 120 ක් සහ අනෙකුත් කාර්යය මණ්ඩලය 152 දෙනෙකු කටයුතු කරනු ලැබේ. 1978 අංක 27 දරණ නීති ආධාර පනත යටතේ පිහිටුවා ඇති මෙම ආයතනය ශ්‍රි ලංකාවේ නීති ආධාර ලබාදෙන ප්‍රමුඛතම ආයතනය හා රාජ්‍ය ව්‍යුහයයි. අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයක් වශයෙන් මෙය ක්‍රියාත්මක වේ. නීති ආධාර කොමිෂන් සභාවට අමතරව විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් විවිධ ඉලක්කගත කණ්ඩායමි වෙනුවෙන් නීති ආධාර ලබාදීම සිදු කරන අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අපරාධ නඩු කටයුතු මෙහෙයවන අවස්ථා වලදී අධිකරණය මගින් මෙම ක්‍රියාවලිය ඉටු කරනු ලබයි.
මහජනතාවගේ නෛතික සාක්ෂරතාවය ඇති කිරීමත් මහජනතාවට ඕනෑම නීති ප්‍රශ්නයකට නොමිලේ නීති උපදෙස් ලබාදිමත් ආන්තික ප්‍රජාවගේ නඩු කටයුතු වෙනුවෙන් නීතිඥ සහය ලබාදීමත් නීති ප්‍රතිසංස්කරණ වලදී රජයට අවශ්‍ය සහය ලබා දීම හා ක්ෂේත්‍රයට පැමිණෙන නවක නීතිඥයින් පුහුණු කිරීමත් හා නීති ශිෂ්‍යයින්ට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබා දිම යන මූලික අරමුණු ඉෂ්ට කිරීම මෙම නීති ආධාර පනත මගින් ආපේක්ෂිත අනෙකුත් අපේක්ෂාවන් සාක්ෂාත් කිරිම නීති ආධාර කොමිෂන් සභාව පිහිටු විමේ පරමාර්ථයයි.
නීති ආධාර කොමිෂන් සභාව
ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු
සභාපති
සභාපතිතුමාගේ පණිවිඩය.
ශ්‍රී ලංකාවාසී මහජනතාවට යුක්තිය කෙරෙහි පහසු ප්‍රවේශය ලබාදීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ පරමාර්ථයයි. මහජනතාවට වඩාත් සමීප වෙමින් ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවන් බලාත්මක කිරීම සමාජ සංවර්ධන ඉලක්ක ජය ගැනීමකි. ශ්‍රී ලාංකීක ජනතාව යුක්තිය ඉදිරියේ බලගැන්වීමත්, යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කටයුතු කිරීමත්, තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ක්‍රියා කිරීමත් මානව අයිතීන් සහ මූලික අයිතීන් සුරක්ෂිත කිරීමට කැපවීමත් අපගේ අරමුණයි.
alert("SLCERT")
සාමාජිකයින්
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා
ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා
ජනාධිපති නීතිඥ බී. පුවිදරන් මහතා
ජ්‍යෙෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධන මහතා
නීතිඥ බිනර ගුණසේකර මහතා
ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජය ගමගේ මහතා
නීතිඥ අමල් රන්දෙණිය මහතා
නීතිඥ රජීබ් අහමඩ්
හිටපු නිලධාරීන්
| වර්ෂය | සභාපති | පරිපාලක |
|---|---|---|
| 1978 - 1984 | නීතිඥ ඊ.ඒ.ජී. ද සිල්වා මහතා | නීතිඥ පී.එම්.පෝල් පිල්ලේ මහතා |
| 1984-1989 | නීතිඥ ඇන්ටන් ප්‍රනාන්දු මහතා | නීතිඥ සරත් විජේසිංහ මහතා |
| 1989-1994 | නීතිඥ ඇෂ්ලි ටී. හේරත් මහතා | නීතිඥ කේ.වී.ස්වර්ණාධිපති මහතා |
| 1994-1999 | ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා | නීතිඥ කේ. නීලකන්දන් මහතා |
| 1999-2001 | නීතිඥ කේ. නීලකන්දන් මහතා | ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා |
| 2001-2004 | ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න මහතා | ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා |
| 2004-2006 | නීතිඥ එස්.එස් විජේරත්න මහතා | ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා |
| 2006-2013 | නීතිඥ එස්.එස් විජේරත්න මහතා | නීතිඥ එස්.එස් විජේරත්න මහතා |
| 2013 - අද දක්වා | ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු මහතා | ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු මහතා |