නිතර අසන ප්‍රශ්න

තොරතුරු අවශ්‍ය වූ විට අපගෙන් නිරතුරු අසන පැනයන් කිහිපයක් සහ පිළිතුරු මෙතනින්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට ප්‍රාකාරව සෑම පුද්ගලයෙකුටම නීතිය ඉදිරියේ සමානාත්මතාවයෙන් සැලකිය යුතුය. එසේ වුවත් නඩුකරයක් සදහා වන ඉතා අධික පිරිවැය හේතුවෙන් සමාන සහ අපක්ෂපාති නීති උපදෙස් සහ නීතිඥ නියෝජනය ලබා ගැනීමට යම් යම් පුද්ගලයන්ට හැකියාවක් නොලැඛෙන අවස්ථා බොහෝය. නඩුකරයකදී සුවිශේෂ නීති සංකල්පයක් වන සියලූම පාර්ශවයන්ට සවන් දීමේ අවශ්‍යතාවය සැපිරීමද වැදගත් වේ. එබැවින් සදාචාරාත්මක සමාජ රටාවක් තුළ අඩු පහසුකම් සහිත ආන්තික අවධානම් පාත්‍රී සහ අවාසි සහගත සමාජ කොට්ඨාශවලට නීතිමය සහාය ලබා දීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස ඉස්මතු වී ඇත. මෙම සංකල්පය නීති ආධාර ලෙස සැලකේ.


නඩුකරයකදී මුහුණදීමට සිදුවන අධික බරපැන නිසාවෙන් ඕනෑම පදු ග් ලයෙකු මූල්‍යමය අසීරුතාවයකට ලක් වීමට ඉඩ ඇත. ඒ අනවු මූල්‍යමය හේතු මත නීතිය හමුවට පහසු ප‍්‍රවේශයක් ලබා ගැනමී ට නොහැකි වන පදු ග් ලයිනට් යම් ආකාරයක නොමිලේ නතී ි ආධාර ලබා දීමේ වැඩ පිළෙි වලක් අනාදිමත් කාලයක සිට මෙරට තුළ ක‍්‍රියාත්මක විය. අද දිනටත් නොකඩවාම මහාධිකරණ ආශ‍්‍රිතව අපරාධ යුක්ති විනිශ්චය ක‍්‍රියාපටිපාටිය තුළ මහාධිකරණ විනිශ්චයකාරතුමන් විසින් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සහාය ඇතිව අධිචෝදනා ගොනුකර ඇති නොයෙකුත් චූදිතයන් සම්බන්ධයෙන් අවශ්‍යතාවයක් පැනනැගුණහොත් චූදිතයා වෙනුවෙන් පෙන ීසිටීමට නොමිලේ නතී ිඥවරයෙකු පත්කිරීමේ ක‍්‍රියාවලයි නොකඩවා ක‍්‍රියාත්මක වේ. 50 දශකයේ පමණ සිටම එවකට සිලෝන් යන නමින් හැදින්ව ූ සංවර්ධනය වෙමින් පවතින රටක් ව ූ ශ‍්‍රී ලංකාව තුළ නොමිලේ නතී ි ආධාර ලබා දීමේ වැඩපිළෙි වලේ මුල් අදියර එසේ ආරම්භ වී ඇත. කෙසේවවු ත් මෙය අපරාධ යුක්තිය විනිශ්චය කටයුතු සදහා පමණක් සීමාවීම තුළින ් සිවිල් නඩුකරයකට මැදි වී සිටිනේ නකුට සිදුවන නොසලකා හැරීම මෙහි ඇති ප‍්‍රබල අඩු ලූහුඩුකමක් විය. තවත් විශාල දුර්වලතාවයක් වෙූ ය් අපරාධ යුක්ති විනිශ්චය කටයුතු වලදී වවු ත් මෙය මහාධිකරණ කටයුතුවලට පමණක් සීමා වීමත්, මහේස්ත‍්‍රාත් අධිකරණ වැන ි පළමු අවස්ථාවේ අධිකරණ සඳහා මෙම පහසුකම නොලැබීමත්ය. එබැවින් පරිපූර්ණ තත්වයේ නතී ි පරිපාලන ක‍්‍රියාදාමයක් සඳහා වූ ප‍්‍රවණතාවයක් කාලාන්තරයක් තිස්සේ පැවතුණි. 1956 වසරේ නකි ුත් කළ තම්බයියා කොමිෂන් වාර්තාව මේ සම්බන්ධ සුවිශේෂ සංධිස්ථානයකි. එනයින් 60 සහ 70 දශකයේ ලොව පුරා පච‍්‍ර ලිත වෙමින ් තිබූ සමාජවාදී සහ සමාජ සුබසාධක රාජ්‍ය සංකලප් යන් තුළ, සමාජයේ සියලූ ස්ථරවල සිටින්නන්ට නතී ිය වෙත යොමු වීමට සහ නීති ආධාර ලබා ගැනමී ට අවකාශයන් තිබියයුතු බවට සංකලප් යන් ගොඩනැගුණි. මෙම ප‍්‍රවණාතා හමුවේ ශ‍්‍රී ලංකා නතී ි විද්‍යාලය වැන ි ආයතන අවශ්‍ය පර්යේෂණ රාමුව සපයා දෙමින් මෙම ක‍්‍රියාවලෙි ය් නියමුවෙකු ලෙස කටයුතු කළ අතර අවශ්‍යයැයි හඳුනාගත් පදු ග් ලයිනට් අදාල නීති ආධාර ලබා දීමටද උත්සුක විය. එබැවින් ගුණාත්මක බවින ් යුක්ත එමෙනම් සියලූ කොට්ඨාශ ආවරණය වන ආකාරයේ නතී ි ආධාර ක‍්‍රමවේදයක කාලනී අවශ්‍යතාව ඉස්මතු විය. පසුකාලනී ව එකල පැවති ව්‍යවස්ථාදායකය නීති ආධාර ලබා දීම සඳහා අවශ්‍යවන නතී ිමය බලාධිකාරියක් හඳුනව් ා දීමේ අවශ්‍යතාවය අවබෝධකරගෙන තිබණිු . ඒ අනවු ශ‍්‍රී ලංකාව තුළ නීති ආධාර සැපයීම සඳහා රාජ්‍ය ආයතනයක් පහි ිටවිු මට තීරණය කෙරුණි.

නඩුකරයකට සම්බන්ධ ගාස්තු සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට අමතර වියදමක් මෙන්ම හිසරදයක් විය හැකිය. කෙසේවුවත් මෙම වියදම් දැරීමට නොහැකි හේතුව මත මොනම පුද්ගලයෙකු වුවත් අසරණ තත්වයකට පත් නොවිය යුතුය. එබැවින් ඔබට කළ හැක්කේ ඔබට ලබාගත හැකි නීතිමය ආධාරය කුමක්ද යන්න නිශ්චය කර ගැනීම සඳහා නොමිලේ ලබා දෙන උපදේශනයන් සඳහා ඔබට ආසන්නයේම ඇති ශ‍්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ (ීඛඛ්ක්‍* කාර්යාලය සමඟ සම්බන්ධවීමයි.

නැත! නීති උපදෙස් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලාංකිකයෙකුට මෙන්ම විදේශීකයෙකුට වුවත් නොමිලේ නීති ආධාර කොමිෂන් සභාව මගින් පහසුකම් සලසා ඇත. නමුත් අධිකරණයේ පෙනී සිටීම සඳහා නීතිඥ සහාය අවශ්‍යවේ නම් ඒ සඳහා විවිධ උපමාන භාවිතා කිරීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(3) දරණ ව්‍යවස්ථා දත්තවල ව්‍යංගාර්ථ අර්ථකථනයක් ලබාදෙමින් මෙලෙස සඳහන් වී ඇත.
12(1) දරණ ව්‍යවස්ථාව - "නීතිය පිළිපදිමින් හා ක්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුතුය."
13(3) දරණ ව්‍යවස්ථාව - "වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට චෝදනා නගනු ලැබ ඇත්නම්, ඒ තැනැත්තාවට නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයකදී, පෙද්ගලිකවම හෝ නීතිඥවරයෙකු මඟින් හෝ කරුණු කියා සිටීමට හිමිකම් ඇත."
1990 ශේෂ්ඨාධිකරණ රීති 44(7) නීතිය මඟින්, නීති ආධාර ලබාදීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින්, බාධාවකින් තොරව සාධාරණ විනිශ්චයක් සඳහා ප්‍රවේශයක් ලබා ගැනීමට ඇති හැකියාව බල ගන්වා ඇත.
එබැවින්, නීති ආධාර ලබා ගැනීම මූලික අයිතිවාසිකමක් නොවන නමුත්, සමාජ සාධාරණත්වය සඳහා යුක්තිය ලබා ගැනීමට පහසුකමක් ලබාදීමයි.

1978 අංක 27 දරණ නීති ආධාර නීතිය මගින් ස්ථාපිත ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව (SLLAC) යන කෙටි නාමයෙන් හැඳින්වෙන අතර, ආන්තික අවධානම් පාත්‍රයින් සහ අවාසි සහගත සමාජ කොට්ඨාශවලට නීති ආධාර සැපයීම ප්‍රමුඛයි.
අධිකරණ අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම කොමිෂන් සභාව, සාමාජිකයින් නව (09) දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයින් තිදෙනෙකු ගරු අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන අතර, අනෙකුත් සයදෙනා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පත් කරනු ලැබේ.
එසේම, ගරු අග්‍රවිනිශ්චයකාරතුමන්ගේ සභාපතිත්වයෙන් යුත්, සාමාජිකයින් තිස් (30) දෙනෙකුගෙන් යුක්ත නීති ආධාර උපදේශක මණ්ඩලයකින්ද නීති ආධාර කොමිෂන් සභාවේ කටයුතු අධීක්ෂණය කෙරේ.
සේවාවන් කාර්යක්ෂම ලෙස ලබාදීම අරමුණු කර ගනිමින්, කොළඹ 12, අත්කඩේ මහාධිකරණ සංකීර්ණය තුළ පිහිටුවා ඇති ප්‍රධාන කාර්යාලය ප්‍රමුඛ කරගත් ප්‍රාදේශීය කාර්යාල ජාලයකින් මෙම ආයතනය සමන්විත වේ.

1. පුද්ගලයෙකුගේ සමාජ ස්ථාවරය කුමක් වුවත්, ඔහුට හෝ ඇයට අවශ්‍ය නීති උපදෙස් ලබාදීම.
2. අඩු පහසුකම් සහිත, ආන්තික අවධානම් පාත්‍රයින් සහ අවාසි සහගත සමාජ කොට්ඨාශවලට ඔවුන්ගේ නඩු කටයුතු සඳහා නීතිඥවරයෙකුගේ සහාය ලබාදීම.
3. මෙම සේවාවන් ලබාදීම සඳහා වන වෙනත් කටයුතු පවත්වාගෙන යාම.
4. මුළු දිවයිනම ආවරණය වන ලෙස නීති ආධාර කාර්යාල පිහිටුවීම.
5. නීති ආධාර සැපයීම පිළිබඳ නියාමනයන් තීරණය කිරීම.
6. රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන සහ අධ්‍යාපනික ආයතනවල සහයෝගය ඇතිව, නීති ආධාර සැපයීමේ ක්‍රියාදාමය පුළුල් කිරීමට කටයුතු කිරීම.
7. නීති ආධාර අරමුදලක් පිහිටුවීම සහ නීති ආධාර පිළිබඳ නිසි පර්යේෂණ රාමුවක් පිහිටුවීමට උනන්දුවීම සහ එලෙස පිහිටුවීම.
8. නීති අධ්‍යාපනය පිළිබඳ පහත සඳහන් ක්‍රියාවලිය මඟින් අවබෝධය ඇති කිරීමේ අභිප්‍රාය ඇතිව:

• මූලික අයිතිවාසිකම්, මානව හිමිකම්, බලතල, වර ප්‍රසාද කාර්ය සම්බන්ධයෙන් අධ්‍යාපනික වැඩසටහන් මඟින් පොදු ජනතාවට අවබෝධයක් ලබාදීම.
• සුවිශේෂිත නීති ගැටළු සහ අංශ පිළිබඳ කටයුතු කිරීම.
• නව වැඩසටහන් සහ ව්‍යාපෘති සඳහා මහජනයාගෙන් අදහස් හා යෝජනා ලබාගැනීම.
• අධ්‍යාපනික ආයතන සහ නීතිය සම්බන්ධ ආයතනවල අදාල නිලධාරීන්ගේ දක්ෂතා ඉස්මතු කිරීම සඳහා එම ආයතන සමඟ එක්ව කටයුතු කිරීම.
• නීති ආධාර ලබාගත හැකි ක්‍රමවේදයන් පිළිබඳ මහජනතාවට තොරතුරු ලබාදීම.
• නීති ආධාර ලබාදීම සම්බන්ධ උපදෙස් නොයෙක් ව්‍යවස්ථාදායක ආයතනවලට සහ වෙනත් රාජ්‍ය ආයතනවලට ලබාදීම, සහ ශ්‍රී ලංකා රජයටද එවන් උපදෙස් ලබාදීම.


LACSL හි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ 12, අට්කඩේ වීදිය, මහාධිකරණ සංකීර්ණය තුළ වන අතර, එය ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයයි. එහි සෘජු අධීක්ෂණය යටතේ පළාත් කාර්යාල නවයක් (09) ක්‍රියාත්මක වේ.
එම නව කාර්යාල මඟින් දිවයින පුරා ප්‍රාදේශීයව පිහිටා ඇති කාර්යාල ජාලයේ වැඩකටයුතු කළමනාකරණය කරනු ලැබේ. දැනට මෙවන් කාර්යාල 85 (අසූපහක්) පිහිටුවා ඇත.

• සේවාදායකයින්ට නීති උපදෙස් ලබාදීම, ජංගම නීති ආධාර සායන පැවැත්වීම, නීතිය පිළිබඳ නොයෙක් ලිපි ජාතික පුවත්පත්වල ප්‍රකාශයට පත් කිරීම, තැපැල් සහ දුරකතන මාර්ගයෙන් නීති උපදෙස් ලබාදීම (ඇමතුම් අංක: +94 770 365 511, +94 770 565 511).
• වෙනත් දෑ අතර, අධිකරණයට සහාය දැක්වීම, අඩු පහසුකම් සහිත ආන්තික අවධානම් පාත්‍රීන් සහ අවාසි සහගත සමාජ කොට්ඨාශවලට නීතිඥ නියෝජනය, නවක නීති වෘත්තිකයින්ගේ හැකියාවන් දියුණු කර ගැනීමට අවස්ථාව සලසාදීම, මෙන්ම නිපුණතා වර්ධනය කිරීමට ඉඩ සැලසීම.
• නීති වෘත්තියේ ආධුනිකයන් සඳහා පුහුණු සැසිවාර සංවිධානය කිරීම.
• සම්මන්ත්‍රණ, මාධ්‍යමය වැඩමුළු සහ නොයෙක් මුද්‍රිත මාධ්‍ය මඟින් පොදු ජනතාවගේ නීතිය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම.
• පාසල් සිසුන්, කාන්තාවන්, වැඩිහිටියන්, රාජ්‍ය සේවකයන්, පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, වෛද්‍ය වෘත්තිකයන්, ආදිවාසී ජනතාව, සංක්‍රමණික ප්‍රජාව, සහ සමලිංගික ප්‍රජාව වැනි කොට්ඨාශවලට විශේෂයෙන්ම මෙවන් වැඩමුළු සංවිධානය කරනු ලැබේ


පුරවැසිභාවය, සමාජ තත්වය වැනි කිසිම නිර්ණායකයක බාධාවකින් තොරව නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට අවස්ථාව ඇත. මේ ස`දහා තැපැල් මගින්, දුරකථන මාර්ගයෙන්, විද්‍යුත් තැපැල් මාර්ගයෙන් හෝ පෞද්ගලිකව අප කාර්යාලයකට පැමිණීමෙන් ඔබට කටයුතු කළ හැක.


• නොමිලේ නීති උපදෙස් සඳහා කිසිම බාධාවක් හෝ නියාමනයක් නොමැත.
• අධිකරණයකදී නීතිඥ නියෝජනයක් සිදු වේ නම්, දැනට පවතින රුපියල් හතළිස්දහසක (රු. 40,000/-) උපරිම මාසික ආදායම් සීමාවට යටත් විය යුතුය. මෙ සඳහා පලාතේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කරන ලද ග්‍රාමසේවක වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
• එසේ වුවත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, නඩත්තු නඩු කටයුතු, සහ වසරකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටි රැඳවියන්ගේ ඇප ලබා ගැනීමේ කටයුතුවලදී මෙම සීමාවන් බල නොපානු ඇත.
• තවද, ළමුන් පිළිබඳ කටයුතු වලදීද යම් යම් විශේෂ පහසුකම් ඇත.


කාන්තාවක් ඕනෑම සමාජ ස්ථරයකදී සුවිශේෂ ස්ථානයක් හොබවයි. එසේ වුවත් ඇය අඩු පහසුකම් සහිත ආන්තික අවධානම් පාත‍්‍රී සහ අවාසි සහගත පුද්ගලයෙකු ලෙස බොහෝවිට හදුනාගත හැකිය. නිසැකවම බොහෝවිට නීති ආධාර ලබා ගැනීමේදී කාන්තාවට සුවිශේෂ වරප‍්‍රසාද හිමි වේ. උදාහරණයක් ලෙස ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව නඩුවකදී හෝ නඩත්තු නඩුවකදී ඕනෑම කාන්තාවකට ඇයගේ පැමිණිල්ල හෝ නඩුකරය පුරාවටම නීතිඥ නියෝජනයක් ලබාගත හැකිය. නමුදු අනෙක් සියලූ කරුණුවලදී යම් යම් නියාමනයන් අදාල විය හැක.

1. ළමයෙකු යනු කවරෙක්ද?
• යම් ව්‍යතිරේඛවලට යටත්ව, ළමයෙකු යනු වයස 18ට අඩු පුද්ගලයෙකු වේ.
2. ළමයෙකුට නොමිලේ නීති ආධාර ලබාගත හැකි අංශ මොනවාද?
2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය පනතෙහි 05 වන වගන්තිය ප්‍රකාරව, සෑම ළමයෙකුටම චූදිතයෙකුද, වින්දිතයෙකුද, සාක්ෂිකරුවෙකුද යන්න නොසලකා, රාජ්‍ය අනුග්‍රහය සහිතව නඩු කරයකදී විශේෂ වරප්‍රසාද හිමි වේ.
මෙයට අමතරව, නඩත්තු කටයුත්තකදී පහත කොන්දේසිවලින් එකක් හෝ සපුරන්නේ නම්, දිගටම නොමිලේ නීති ආධාර ලබාගත හැක:
• වයස 25 දක්වා දිගටම උසස් අධ්‍යාපනයේ නියුක්තව සිටීම.
• ඔහුට/ඇයට, ඔහුගේ/ඇයගේ කටයුතු තනිවම කරගත නොහැකි අන්දමට ආබාධිත තත්වයකට පත්ව සිටීම.


නීති උපදෙස් ලබා දීමේදී කිසි`දු ගාස්තුවක් අය නොකෙරේ. කෙසේවුවත් නීතිඥ නියෝජනය වැනි උපකාර දිගටම ලබා ගන්නේ නම්, සහ ඒ ස`දහා ඔබට සුදුසුකම් ලැබේ නම් ඉතා සුලූ ලියාපදිංචි වීමේ ගාස්තුවක් අය කරනු ඇත.

ඔව්. ඔබට එවන් අයිතියක් ඇත.

යම් යම් නියාමනයන්ට යටත්ව ඔබට නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමට ඕනෑම අවස්ථාවක හැකියාව ඇත. එහිදී ඔබ කලින් පෞද්ගලික නීතිඥවරයෙකුගේ සහාය ලබා ගත්තේද එසේ නැතිනම් දැනට නඩුව අභියාචන මට්ටමේ තිබෙන්නේද යන කරුණු අදාල නොවේ.

අපරාධ නඩු විධාන සංগ্রහය 1979 අංක 15 දරණ පනත
මහාධිකරණය විසින් චූදිතයෙකු හට නීතිඥවරයෙකු නොමිලේ පත් කිරීම යන ආදේශිත නීතිඥ සහය යන සංකල්පය පසුකාලීනව ව්‍යවස්ථාපිත නීතියක් බවට පත්විය. ඒ අනුව, මෙම පනතේ අංක 260 දරණ වගන්තිය ප්‍රකාරව, අපරාධ අධිකරණයක් හමුවේ චෝදනා ගොනු කර ඇති ඕනෑම පුද්ගලයෙකුට නීතිඥවරයෙකු මාර්ගයෙන් පෙනී සිටීමට අවස්ථාව ඇත.
පනතේ අංක 195 දරණ වගන්තිය අනුව, මහාධිකරණ විනිශ්චයකාරවරයෙකුට අවශ්‍යතාවයක් පැන නගී නම්, මෙවන් නීතිඥවරයෙකු පත් කිරීමේ අවසරයක් ඇත.
තවද, අංක 353 ප්‍රකාරව, අභියාචන අධිකරණය හමුවේ ඇති අපරාධ නඩු කටයුත්තකදී නීතිඥවරයෙකු පත් කිරීමට ගරු අභියාචනාධිකරණයට හැකියාව ඇත.

වර්ෂ 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය පනත
වර්ෂ 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය නීති ආධාර ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය මානුෂික අයිතිවාසිකමක් ලෙස හැඳුනාගෙන ඇත.
එබැවින්, එම සම්මුතියට අදාල ශ්‍රී ලංකා පනතේ 04 වන වගන්තිය මගින්, අපරාධ චෝදනාවක් ගොනු කර ඇති පුද්ගලයෙකුට නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට හැකියාවක් ඇති බව ප්‍රකාශිතය.
අංක 05 යටතේ, සෑම ළමයෙකුටම (චූදිතයෙකුද, වින්දිතයෙකුද, සාක්ෂිකරුවෙකුද යන්න නොසලකා) රාජ්‍ය අනුග්‍රහය සහිතව නඩුකරයකදී විශේෂ වරප්‍රසාද හිමි වේ.

නීති කෙෂ්ත‍්‍රයේ නව ප‍්‍රවණතා මෙන්ම දැනට පවතින නීති රාමුවේ සහ ව්‍යවස්ථාපිත නීතිවල ඇති යම් යම් ප‍්‍රායෝගික දුර්වලතා (එසේ තිබේනම්* හදුනාගෙන රජය ඒ පිළිබද දැනුවත් කරමින් අවශ්‍ය සංශෝධන සදහා මග පෑදීම LACSL විසින් කරනු ලබයි. ඊට අමතරව පොදු මහජනයා සහ ව්‍යවස්ථාදායකය අතර සබදතාවයක් ගොඩ නගමින් නීති ක්ෂේත‍්‍රය වැඩි දියුණු කිරීමට අතහිත දෙයි. එමෙන්ම වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය සහ පාරිභෝගික කටයුතු අධිකාරය විසින් ගෙන එන නඩුකර වලදී ඔවුන්ගේ නීති නියෝජනයටද සහාය වේ.

කාර්යක්ෂම, සහ සමානාත්මක නීති ආධාර සපයා දීමේ ක‍්‍රමවේදයක් පිහිටුවාලීම සිවිල් සමාජයක වගකීමකි. මෙම පරමාදර්ශී තත්වය මුදුන් මල්කඩ කර ගැනීමට නම් මෙම ආයතනවල උපකාරය සහ සහයෝගය ීLACSLවෙත නිතැතින්ම ලබා දිය යුතුය. විශේෂයෙන්ම සදහන් කළ යුත්තේ ජාතික නීති ආධාර ප‍්‍රතිපත්තිය ප‍්‍රකාරව සියලූම නීති ආධාර ලබා දීමේ සේවාවන් ඒකරාශී කොට වඩාත් හොද රාමුවක් තුළ නීති ආධාර අවැසි අයට වඩාත් යහපත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා ීඛ්ක්‍ක්‍ සුවිශේෂ මෙහෙවරකට දායකත්වය දෙනු ඇත.

ශ‍්‍රී ලංකාව තුළ දැනට අනු නීතිඥ සේවාවක් හෝ වෘත්තිකයන් දකින්නට නැත. එසේ වුවත් සමෘද්ධි නිලධාරී, ප‍්‍රජා පොලිස් සහායකයින්, ප‍්‍රජා නායකයින්ටත් ස්වේච්ඡුා සේවකයින්ටත් මෙම අඩුපාඩුව යම් දුරකට පුරවාලමින් කටයුතු කළ හැකි බැවින් ඔවුන්ට ළගම LACSL කාර්යාලය හා ඒකාබද්ධව කටයුතු කළ හැක.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ශ‍්‍රී ලංකා නීති විද්‍යාලය මෙන්ම නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන බොහෝමයක් සමාන සේවා සැපයීමට ඇප කැප වී සිටියි. ඔවුන් උපකාරි ස්වභාවයක චරිතයක් හොබවන අතර බොහෝවිට සුවිශේෂ අංශ වන මානව හිමිකම්, පවුල් ගැටලූ, අපරාධ විනිශ්චය ක‍්‍රමවේදය, කම්කරු සහ කාර්මික ආරවුල් වැනි කටයුතුවලට වැඩි නැඹුරුවක් දක්වයි.

asdds

asdds