1978 අංක 27 දරණ නීති ආධාර පනතේ ඉතාම වැදගත් සාධනීය ලක්ෂණය වූයේ නීති ආධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම උදෙසා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම තුළින් රට තුළ ක්‍රියාත්මක කල යුතු නීති ආධාර ලබා දීමේ ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කරලීමයි. උක්ත අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකා නීති ආධාර කොමිසන් සභාව පිහිටුවීම හා ක්‍රියාකාරිත්වය සැකසීම මෙම පනතේ ප්‍රධානම කර්තව්‍යයි.
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ශ්‍රී ලංකාව පුරා අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට නොමිලේ නීති සේවා සපයයි. රට පුරා මධ්‍යස්ථාන 85ක් ඇති අපි, සැමට යුක්තිය ඉටු කර ගැනීම සහතික කිරීමට කැපවී සිටිමු. විවිධ ප්‍රජා සත්කාර වැඩසටහන් සහ නීති සායන හරහා නීති සාක්ෂරතාවය, නීති ප්‍රතිසංස්කරණ සහ මහජනතාව දැනුවත් කිරීම ප්‍රවර්ධනය කිරීම අපගේ මෙහෙවරට ඇතුළත් වේ.
අපව අමතන්න
ශ්‍රී ලංකා නීති ආධාර කොමිසන් සභාව
අංක 129,
අලුත්කඩේ වීදිය,
කොළඹ - 12,
ශ්‍රී ලංකාව.
alert("SLCERT")